පරිසර දූෂණය

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න! – මෝදර, එළිහවුස් පාරේ, අසල්වැසියෝ ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරියගෙන් ඉල්ලා සිටිති
ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් වටකොට ගත්. කොළඹ මෝදර, මුතුවැල්ලේ, එළිහවුස් පාරේ අංක 94/3, ලිපිනයේ නිවෙසක මතු මහලේ ඉදි කොට ඇති ඩයලොග් ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය ඒ වටා වසන වැසියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කළ හැකි හෙයින් එම කුළුණ වහා ඉවත් කර ගන්නා මෙන් එහි වැසියෝ ඩයලොග් අධිපත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම කුළුණ මුලින්ම ඉදිකිරීම ඇරමුණු අවස්ථාවේ, 2008 දෙසැම්බර් 25 වන දින ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාට මෙම ඉල්ලීම අළුත් මාවත වැසියන්ගේ අත්සනින් යුතුව මුලින්ම ඉදිරිපත් කරන ලදී. එහි ලා ඔවුන් සඳහන් කළේ මෙම සම්ප්‍රේෂණ කුළුණ මෙබඳු ජනගහණය අධික නිවෙස් වට‍ෙකාට ගත් නේවාසයක පිහිටුවීම, අවට නිවෙස්වල වසන දරුවන්ගේ, වයෝවෘද්ධ සහ රෝගී නේවාසිකයන්ගේ සෞඛ්‍යයට පමණක් නොව, දවසේ පැය 24 පුරාම එයින් තාප විකිරණය කෙරෙන හෙයින් සියළු වාසීන්ගේ ජීවිතවලටත් පරිසරයටත් බරපතල හානි ගෙන දෙන බව තමන් විශ්වාස කරන බවයි.

මෙබඳු සම්ප්‍රේෂණ කුළුණු ඒ වටා වසන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හෝ පරිසරයට බරපතල හානි කරන බවට තීරණාත්මක සාක්ෂි නැතැයි කෙරෙන සුපුරුදු ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔවුහු කියා සිටියහ. 2007 පළකළ “ජෛව මුල්පිරු‍ම වැඩ කණ්ඩායම් වාර්තාව” (The Report of the Bio–initiative Working Group) උපුටා දක්වමින් ඔවුන් කියා සිටියේ, “ජංගම දුරකථන කර්මාන්තයේ මතය, පවතින්නට ඉඩ දිය හැකි අවදානම සහ හානි පිළිබඳ සාක්ෂි පිළිබඳ මහජන සෞඛ්‍ය විශේෂඥයින් පිළිගත හැකි යැයි තීරණය කරනු ඇති ඒවාට වඩා ඉතාමත්ම බලපෑම් සහගත බව” තමන් දන්නා බවයි.

ඔවුන් ආචාර්ය විජේසූරියගෙන් ඉල්ලා සිටියේ, තමාද සාමාජිකයෙකු වන ලාංකේය ප්‍රජ‍ාවේ පුරවැසියෙකු ලෙස ප්‍රජාවේ ඉල්ලීම් පිළිබඳ වගකීමෙන් කටයුතු කරන්නේ නම් සහ ඔහු අධිපතිත්වය දරන ඩයලොග් සමාගම විසින් අභිරුචියෙන් කතා කරන ආයතනික සමාජීය වගකීම නිසිලෙස ඉටු කරන්නේ නම් නේවාසික ප්‍රදේශයක හරි මැද පිහිටුවනු ලැබෙන මෙම කුළුණ ඉදිකිරීම වහා නවත්වන ලෙසයි.

එම ලිපියට, එතැන් පටන් වසර එකහමාරක් ගෙවී ඇති අද දක්වාම ඊට අත්සන් කළ කවරෙකුට හෝ ආචාර්ය විජේසූරියගෙන් හෝ ඔහුගේ නියෝජිතයෙකුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. ඔවුන් විශ්වාස කරන්නට පෙළඹුණේ, එම කුළුණේ මූලික ඉදිකිරීම් කළ ද, තමන්ගේ ලියුමෙන් පසු එය තවදුරටත් ක්‍රියාත්මක කිරිම ඩයලොග් සමාගම නවතා දැමූ බවයි. මේ නිසා ඔවුහු තම විරෝධතාව නවතා දැමූහ.

නමුත් දැන් වසර එකහමාරක් ගෙවී ගිය තැන, දැන් අලුත් මාවත වාසීන් ආචාර්ය හාන්ස් විජේසූරියට කළ ඉල්ලීමට ඩයලොග් සමාගමෙන් ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ 2010 ජූනි මස 21 දා සිට මෙම කුළුණ ඉදිකිරීම් යළි අරඹා, එහි සම්ප්‍රේෂණ කටයුතු ආරම්භ කිරීම ට කටයුතු යොදා තිබීම යි.

තම නේවාසික ප්‍රදේශය පුරා, පිළිකා ආසාදනය සහ වෙනත් බරපතළ ව්‍යාධීන් ඇති කළ හැකි විකිරණ දවසේ පැය 24 පුරා සක්‍රීයව දසත පතුරුවාලන මෙම කුළුණ ක්‍රියාත්මක කිරීම ඒ අයට නේවාසියන්හි වසන සියල්ලන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වහා එල්ල කරන බව අලුත් මාවත වැසියෝ කියා සිටිති. එහි ආසන්නතම ක්ෂණික තර්ජනය කුඩා දරුවන්ටය. ඉන් ඔබ්බට, රෝගීන්ට සහ වයෝවෘද්ධ වැඩිහිටියන් සහ අන් සියළු වැඩිහිටියන් සහ ජීවීන් ඇතුළු පරිසරය මෙම විකිරණ සම්ප්‍රේෂණයට දවසේ පැය 24 පුරාම බඳුන් වෙති.

සයිබර් අවකාශයේ දරුවන් ආරක්ෂා කරන්නේ යැයි, දරුවන්ගේ නැණස පෑදීමට විද්‍යුත් චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක් රජයට ප්‍රදානය කළේ යැයි තම සංස්ථානික සමාජීය වගකීම ගැන උදම් අනන ඩයලොග් සමාගම පොළොවේ වසන අහිංසක මිනිසුන්ගේ දරුවන්ට පිළිකා සෑදීමට ඉඩ ඇති සම්ප්‍රේෂණ කුළුණ ජනාවාස මධ්‍යයෙන් ඉවත් කර ගන්නැයි කරන ඉල්ලීමට කන්නොදෙන්නේ මන්දැයි අලුත් මාවත වාසීහු ප්‍රශ්න කරති.

එළිහවුස් පාරේ, අසල්වැසියෝ
Advertisements

5 responses to “පරිසර දූෂණය

  1. Is there a point of blaming this on dialog itself. From what I know dialog needs permission from owner to put up the base there. And the owner get paid good money for it. If you need to base to go all you need to do is to get the owner to say so and pay back the money he took from dialog.

    /Rakhitha

  2. an Elie House neighbour

    You’re correct Rakhitha, the owner of the premises where the antennae is located has taken money and given the permission for construction of the antennae. This is what happens when you have neighbours who do not understand what is their responsibility towards fellow neighbours. Our grouse with Dialog is in doing their network planning for undertaking such constructions in the midst of a dense negihbourhood, it should have exercised its corporate social responsibility and decided against it. Dialog did not consult any of the neighbours. We expect much more from a company whose CEO is an academic of repute Dr. Hans Wijayasuriya who is described by those who know him as a decent person. But, sad to say we didn’t get a response to our letter dated 25th February 2008 to him. Surely, Dialog is not so badly cash strapped to ignore our request to treat us as humans with a sense of dignity!

  3. චන්දන ජයවීර

    2010/07/02 at 3:32 am

    ජංගම දුරකථන වසංගතය නිසා මහජනයාට ඇතිවන පීඩාවන්හිදි පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් මැදිහත්වීම අවශ්‍යයයි.මෙම දුරකථන සමාගම ඔවුන්ගේ ජාලය පුළුල් කරනවායැයි කියමින් මහජනයාගේ සෞඛ්‍යට සිදුකරන හානිය පිළිබඳ ‍මීට වඩා සංවාදයක් සිදුවිය යුතුයි. විදුලි සංදේශ නියාමන කොමිෂමට හා මධ්‍යම පරිසර අධිකාරියට ඔබට මෙයට විරුද්ධව පැමිණිලි කළ හැකියි. රටේ වෙනත් ප්‍රදේශවලත් මෙම තත්ත්වය විරුද්ධව ක්‍රියාත්මක වන පරිසර සංවිධාන පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමට කැමතියි.

  4. The company has commenced constructions same type of antenna in Kuruppu Road, Borella on top of an unauthorised construction.
    A national level dialog should be commenced on this matter.

  5. people should protest. they can immediately take legal action by means of an injunction. lodge a complaint with the TRC / NEA/ Ministry Environment. They can request the politicians, the clergy and other dignitaries in the area to intervene. educate the public as to the possible long term health effects of these antennae bases/towers. consult environmental organizations. write to newspapers. organise the public in the area and sign a petition and send to the authorities.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s